නව බද්දෙන් “හලෝ”ත් ගණන් උස්සයි

නව බදු සංශෝධනය ගැසට් කිරීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල ගාස්තු ද ඉහළ යා හැකි බව දුරකථන සමාගම් දන්වා සිටියි.නමුදු අදාළ මිල ගණන් මෙතෙක් ප්‍රකාශයට පත් කොට නැත.විදුලි සංදේශ බදු ඊයේ(31) සිට සියයට 11.25 සිට සියයට 15ක් දක්වා වැඩි කිරීමට රජය කටයුතු කළ අතර ඊට අදාළ ගැස්ට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.මේ වන විට දුරකතන සහ අන්තර් ජාල සන්නිවේදන ජාලය නාගරික සේම ගම්බද ජනතාව අතරේ ද ව්‍යාප්තව පැවතීම මත මෙම ගාස්තු ඉහළ යාම මෙරට සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාව කෙරෙහි ද අහිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

කාලීන පුවත්