ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් ත්‍රාසජනක ක්‍රීඩා මඟින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ආරම්භයක් සේ සැලකෙන කලම්බු ඩියුන්ස් ඒටීවී වැලි කඳු ධාවන පථය අද (28) ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගරයේ දී විවෘත කෙරිණ.
කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක පැතිර තිබේ.එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරු මෙම මෙම වැලි කඳු සහිත මාර්ගය ඔස්සේ රථ ධාවනය කළහ..