නාම යෝජනා සම්බන්ධ අසාධාරණකම් වුණා නම් ප්‍රසිද්ධියේ නොකියා උසාවි යන්න

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බවත් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690 ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74 ක් ප්‍රතික්ෂේප වී ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.ඔහු තව දුරටත් සඳහන් කරනුයේ නාමයෝජනා සම්බන්ධයෙන් යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් මැතිවරණ කොමිසමට එරෙහිව අධිකරණයට යාමට එම කණ්ඩායම් වලට හැකි බවකි.එමෙන්ම එ වැනි පියවරක් හමුවේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සදාචාරාත්මක නොවන බව ය.

කාලීන පුවත්