නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද පෙරවරු 09:30 සිට හෙට පෙරවරු 09:30 දක්වා එය බලපැවැත්වෙනු ඇති.

ගාල්ල දිස්ත්‍රික්කයේ, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශවලට සහ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට , මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සඳහා පළමු මට්ටමේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.

කාලීන පුවත්