නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි

බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

අජාසත් රජුගේ දායකත්වයෙන් අද(19) වැනි දිනක රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්විණ.

ඒ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ය.

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් රහත් භාවයට පත්වූයේද නිකිණි පොහෝ දිනකයි.

පෙරවස් එළඹීමට නොහැකිවු උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹෙයි.

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කරමින් සේරුවිල මංගල චෛත්‍ය රාජයා තැනීම ඇරඹුණේද අද වැනි පොහෝ දිනකදී ය.

කාලීන පුවත්