ගිරිඋල්ල ලබ්බල ප්රදේශයේ දී නිදන් හාරමින් සිටි බව කියන භික්ෂුවක ඇතුලු පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත්රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (04) නියම කොට ඇත. කිසියම් පිරිසක් ගිරිඋල්ල, ලබ්බල ප්රදේශයේ යාතුකර්ම කරමින් නිධන් හාරන බවට ගිරිඋල්ල පොලිස් ථානාධිපති වරයාට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කොට ඇති අතර එහිදී අදාළ භික්ෂුව මන්ත්ර කියමින් සිටි බවත් සෙසු පිරිස කලුගල් කැඩීමේ උපකරණ ආදිය භාවිත කරමින් කලුගල කඩමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.අදාළ කැණීම් සඳහා යොදාගත් උපකරණ ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.