දැන් දිවයිනට පැමිණ සිටින අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ(IMF ) දස දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස අද(20) පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වුහ. ලබන 30 වැනිදා තෙක් ඔවුහු මෙරට රැඳී සිටිති. මේ අතර මෙම ණය අයැදුම් කිරීම සම්බන්ධ වැදගත් අවශ්‍යතාවක් වන ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එක් කර ගෙන ඇති මුල්‍ය හා නීති උපදේශක සමාගම් වන ලසාඩ් සහ ක්ලිෆර්ඩ් හි නියෝජිතයන් ද මේ වනවිට සිය කටයුතු ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.