ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාවට වැඩිම දායකත්වයක් දක්වන කාලගුණික සෘතුව වන නිරිත දිග මෝසම මේ වන විට දිවයින හරහා සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අනුව සබරගමුව පළාතෙත්, ගාල්ල මාතර කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලත් අද දිනයේ මිලි මීටර් 100ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර හා වයඹ පළාත්වලටත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි..උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට පුත්තලම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40 ත් 45 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි අතර වර්ෂාවත් සමග මහනුවර කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. නමුදු මේ වන විට අරාබි මුහුදු ප්‍රදේශයේ හට ගෙන ඇති පීඩන අවපාතය මත ඉදිරියේ දී රට හරහා ඇදී යන මෝසම් සුළං ප්රවාහනයන්ට යම් බලපෑමක් වුව හොත් ඉන් අපේ රටට ලැබෙන මෝසම් වර්ෂාවේ යම් අඩුවක් විය හැකි බවට ද අනුමාන කළ හැක.