නිවැරදි ඉස්ලාම් දහමට අනුව සත්ව හිංසනයට ඉඩක් නැත

නිවැරදි ඉස්ලාම් දහමට අනුව සත්ව හිංසනයට ඉඩක් නැත. ඉස්ලාමය හා සත්ව අහිංසාව පිළිබඳව සමාජය පුරා විවෘත කතිකාවක් පැන නැඟී තිබේ.ඒ බොහෝ දේ ආගමික සංස්කෘතික කරුණු මිස හුදෙක් ඉස්මාමයේ හරය වන දාර්ශනිකත්වය මත පදනම් වූ කරුණු නොවේ. සත්ව-මිනිස් සහ සම්බන්ධතාව පිළිබඳව ඉස්ලාම් දහමේ නිවැරදි දැක්ම ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ නබිනායක තුමාගේ ‘හදීස්’ (ඉගැන්වීම් සහ ක්‍රියාකලාප) වල සඳහන් වේ.ඉස්ලාම්, සත්ත්වයින්ට ආදරයෙන් සහ කරුණාවෙන් සැළකීමේ වැදගත්කම ගැන එහි විශේෂයෙන් අවධාරණය කර ඇත. ඉස්ලාමයට අනුව සියලුම ජීවීන් ‘අල්ලාහ්’ දෙවියන් වහන්සේගේ මැවීම් බැවින් ඔවුනට ආදරය කිරීම සහ කරුණාව දැක්වීම සියලුම මිනිස් වර්ගයා වෙතම පැවරී ඇති වගකීමකි.

ඉස්ලාම් පරිසර සුරක්ෂිතතාව ආරක්ෂා කරන ලෙසට සහ සත්ත්වයින්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. ඉස්ලාම් “ෂරියා” නීති පද්ධතිය මගින් ද සතුන්ගේ අයිතිවාසිකම් පිළිගෙන ඒවා තහවුරු කර දී ඇත.සුදුසු ස්වභාවික පරිසරයක ජීවත් වීමේ අයිතිය, ආහාර ලබා ගැනීමේ අයිතිය, අනවශ්‍ය කරදර හිරිහැර වලින් වැළකී සිටීමේ අයිතිය, රෝගී වූ අවස්ථා වලදී සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය යනාදිය ඊට ඇතුලත් ය.එලෙසටම සදාචාර සම්පන්න ලෙසට සහ සාධාරණ ලෙසට සියලුම ජීවීන්ට සැළකීමේ වැදගත්කම ගැන ඉස්ලාම් ශුද්ධ අල් කුර්ආනයේ ඉගැන්වීම සහ නබිනායක තුමාගේ දේශන සහ ක්‍රියා කලාපය මගින් අවධාරණය කරයි.

’‘දෙවියන්ගේ මැවීම් වලට කරුණාව දක්වන්නා තමන් තමන් වෙතම කරුණාව දක්වන්නෙකි.”(බුහාරි හදීස් ග්‍රන්ථය)
සතුන්ට නොයෙක් අන්දමේ වධ හිංසා පමුණවීම, ආහාර සහ ජලය සපයා නොදී ඔවුන් සාගතේ තැබීම,ඔවුන්ගෙන් අනවශ්‍ය බර වැඩ ගැනීම් ඔවුන්ට දරා ගත නොහැකි ලෙසට ඔවුන් මත බර පැටවීම ඔවුනට සුදුසු වාසස්ථාන සපයා නොදීම, අනුන් ලවා ඔවුන්ට වධ හිංසා කිරීම වැනි කරුණු ගැන ඉස්ලාම් මිනිසාට තරයේ අවවාද කරයි.
ඉස්ලාම් සහ නබිනායක තුමා සත්ව කෲරත්වය තදින්ම හෙළා දකී.
එමෙන්ම ඉස්ලාම් පරිසර සුරක්ෂිතතාව ආරක්ෂා කරන ලෙසට සහ සත්ත්වයින්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. ඉස්ලාම් “ෂරියා” නීති පද්ධතිය මගින් ද සතුන්ගේ අයිතිවාසිකම් පිළිගෙන ඒවා තහවුරු කර දී ඇත.සුදුසු ස්වභාවික පරිසරයක ජීවත් වීමේ අයිතිය, ආහාර ලබා ගැනීමේ අයිතිය, අනවශ්‍ය කරදර හිරිහැර වලින් වැළකී සිටීමේ අයිතිය, රෝගී වූ අවස්ථා වලදී සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය යනාදිය ඊට ඇතුලත් ය.එලෙසටම සදාචාර සම්පන්න ලෙසට සහ සාධාරණ ලෙසට සියලුම ජීවීන්ට සැළකීමේ වැදගත්කම ගැන ඉස්ලාම් ශුද්ධ අල් කුර්ආනයේ ඉගැන්වීම සහ නබිනායක තුමාගේ දේශන සහ ක්‍රියා කලාපය මගින් අවධාරණය කරයි.නිදසුනක් හැටියට බළලෙකු මැරෙනතුරු නිරාහාරව තබා වධ හිංසා කළ ස්ත්‍රියක් ගැන ආරංචි වු නබිතුමා, එම තැනැත්තිය අනිවාර්යයෙන්ම නිරයේ වධ හිංසා වලට ලක්වන්නීය යනුවෙන් පැවසීය.

(බුහාරි සහ මුස්ලිම් හදීස් ග්‍රන්ථ) තවත් අවස්ථාවකදී දුසිරිත්හි යෙදී සිටි එක්තරා ස්ත්‍රියක් පාරේ ගමන් කරමින් සිටියදී ළිඳක් ළඟ බලු පැටියෙක් පිපාසයෙන් සිටිනු දුටුවාය. ඒ ගැන දුක සිතී ඈ ඇගේ පාවහන් යුගලින් එකක් ගලවා රෙදි කඩකින් ගැට ගසා ළිඳට දමා එයින් වතුර ඇද බලු පැටියාගේ පිපාසය සංසිඳුවාය. මේ පුණ්‍ය ක්‍රියාව හේතු කොටගෙන එම ස්ත්‍රිය ස්වර්ගයට හිමි කායරික් වූ බවට ඉස්ලාම් ඉතිහාසයේ සඳහන් වේ.

නබිනායක තුමාගේ ‘හදීස්’ වාර්තා කිරීමේ කටයුත්ත භාරව සිටි එතුමාගේ ප්‍රමුඛ සහ සමීපතම ‘සහාබා’වරයකු (අනුගාමිකයකු ) වන ‘අබූ හුරෙණ’ නැමැත්තා සුරතලේට බළලෙකු ඇති කළ බවටත් ඌට ආදරයෙන් සැළකූ බවටත් සඳහන් ය. ඒ නිසා ඔහු ‘අබු හුජෛරා’ (බළලාගේ පියා) යන නමින් අමතන ලද බවටද කියැවේ. ඉස්ලාමයට පෙර අරාබි ලෝකයේ විසූ මිනිසුන් විසින් දුනුශිල්පය විනෝදාංශයක් හැටියට යොදාගත් අවස්ථාවලදී කුරුමානම් (Target) හෙවත් ඉලක්ක හැටියට සතුන් යොදා ගන්නා ලද බවට ඉතිහාසයේ සඳහන් වේ.

නබිනායක තුමන්ගේ අනුගාමිකයන් ද සතුන්ට කරුණාවෙන් සහ ආදරයෙන් සළකන ලද බවට සඳහන් වේ. සමහර පුද්ගලයන් කුරුලු මවකගේ දරු පැටවුන් නිරපරාදේ උගේ කූඩුවෙන් ඉවත් කළ අවස්ථාවකදී එසේ නොකරන ලෙසට ඔවුන්ට අවවාද කළ අවස්ථා ද එසේම උන්ගේ බිත්තර කූඩුවෙන් ඉවත් කිරීමට උත්සාහ දැරූ අවස්ථා වලදී ඔවුන්ට තරයේ අවවාද කළ බවටද නබිනායක චරිතය හැදෑරීමේදී දැන ගන්නට ලැබෙන්නේය.නබිනායක තුමාගේ ‘හදීස්’ වාර්තා කිරීමේ කටයුත්ත භාරව සිටි එතුමාගේ ප්‍රමුඛ සහ සමීපතම ‘සහාබා’වරයකු (අනුගාමිකයකු ) වන ‘අබූ හුරෙණ’ නැමැත්තා සුරතලේට බළලෙකු ඇති කළ බවටත් ඌට ආදරයෙන් සැළකූ බවටත් සඳහන් ය. ඒ නිසා ඔහු ‘අබු හුජෛරා’ (බළලාගේ පියා) යන නමින් අමතන ලද බවටද කියැවේ. ඉස්ලාමයට පෙර අරාබි ලෝකයේ විසූ මිනිසුන් විසින් දුනුශිල්පය විනෝදාංශයක් හැටියට යොදාගත් අවස්ථාවලදී කුරුමානම් (Target) හෙවත් ඉලක්ක හැටියට සතුන් යොදා ගන්නා ලද බවට ඉතිහාසයේ සඳහන් වේ. මේ ක්‍රියාව සත්ව හිංසනයක් හැටියට ඉස්ලාමය සැළකූ බැවින් නබිතුමා එම ක්‍රියාව අනුමත නොකළ අතර ඊට අනුබල ද නුදුන්නේය. සත්ව හිංසනය ගැන සළකන විට සතුන් එකිනෙකා සමග ඇන කොටා ගැනීමට (උදා : පොර කුකුළන්, ගවයන්) සැළැස්වීම විනෝදාංශයක් කර ගැනීමට නබිනායක තුමා අවසර නුදුන් බවටත් එය තහනම් කළ බවටත් වාර්තා වේ.

ඉහත සඳහන් නිදසුන් වලින් ඉස්ලාමය සත්ව කෲරත්වය දැඩි ලෙස හෙළා දකින බව පෙනී යන්නකි.
ඒ අනුව නබිනායක තුමාගේ ‘හදීස්’ වලින්ද අල්කුර්ආනයේ ඉගැන්වීම් වලින්ද දැක්වෙන පරිදි ඉස්ලාම්, සත්ව හිංසනය දැඩි ලෙස හෙළා දකින අතර එය සත්ව මිනිස් සහසම්බන්ධතාව ධනාත්මක ලෙසට ඉතා අගය කොට සළකන බව හැඟී යයි.සත්ව මිනිස් සත්ව සහසම්බන්ධතා, අවිහිංසා ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම සහ අවශ්‍යතාව මිනිසාට අවබෝධ කර දීම ඉස්ලාමීය ප්‍රතිපත්තියකි.

දහ්ලාන් සලාහුදීන්

සතුන්ටත් හිමි අපේ ලෝකය