නි. ඇමති නාමල් රිලවුන් හැටක් ගණන් කරලා

අද(15) උදෑසන දිවයින පුරා පැවති වගාවන්ට හානි කරන රිලවා, දඩුලේනා සහ මොනරා පිළිබඳ සංගණනය ඉතා සාර්ථක බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.ඒ මහතා අද කුරුණෑගල වේරගල පුරාණ විහාරයේ දී මෙම සතුන් සංගණනයට එක් විය.එහිදී තමා විහාර භූමියට පැමිණි රිළවුන් 60ක් ගණන් කළ බවත් තමාගේ වත්තට රිළවුන් තිදෙනෙක් පැමිණ තිබූ බව දැනගන්නට ලැබුණු බවත් කීවේය.එහි දී එම විහාර භූමියේ රිලවුන් ගණන් කොට ඔවුන් ගේ ඡායාරූප ද ලබා ගෙන ඔවුන් ගේ ඡායාරූප ලබා ගන්නා ලෙස තමන් සමඟ සිටින්නවුන්ට කී නියෝජ්‍ය අමාත්‍ය වරයා “අපි දෙසැරයක් ගණන් කළේ නෑනෙ”යනුවෙන් තමන් සමඟ සිටි අයකුගෙන් අසා සැකය දුරු කර ගන්නා අයුරක් ද දක්නට ලැබිණ.

කාලීන පුවත්