නීලාගේ අවසන් කටයුතු හෙට

ඉතාලියේ මිලානෝ කොන්සල් ජනරාල් වරිය ලෙස වැඩ භාරගෙන සිටිය දී හදිසියේ මිය යන ලදුව ඊයේ රාත්‍රී තුර්කි ගුවන් සේවයට අයත් යානාවකින් ශ්‍රී ලංකාවට ගෙනා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය, අද (28) පස්වරුවේ සිට අංක 85, දෙහිවල පාර, පැපිලියාන යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර තැබෙන බව වාර්තාවේ.ජීවත්ව සිටිය දී ඇය විසින් ඉල්ලා සිටි අන්දමට දේහය විවෘත කොට නොතබන බවත් දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 29 සෙනසුරාදා(හෙට )සිදු කෙරෙන බවත් පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්