නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ක්‍රියාත්මක වෙමින් පැවැති පළමු ජනන යන්ත්‍රයද ඉකුත්දා රාත්‍රියේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමඟ නැවතී යාමෙන් එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පූර්ණයෙන් නැවතී ඇති බව විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවැසීය.
නොරෝච්චෝල බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය නැවතී ගියද මේ වන විට ජලවිදුලි බලාගාර ආශ්‍රිතව පවතින ජල මට්ටම අනුව විදුලි පාරිභෝගිකයින් අපහසුතාවන්ට පත් නොකර විදුලිය ලබා දීමට හැකිව ඇති බව ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.
හදිසි බිඳ වැටීමට ලක්වීමට පෙර ලක්විජය බලාගාරයේ පළමු ජනනයන්ත්රයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ලබා දීම සිදුව තිබුණි.