පවතින ඉන්ධන තොග අනුව විදුලි කප්පාදුව යම් තරමකින් අඩු වේවි.

පවතින ඉන්ධන තොග අනුව විදුලි කප්පාදුව යම් තරමකින් අඩු වේවි.දැනට පවතින ඉන්ධන තොග අනුව අද(06) විදුලි විසන්ධි වීමක් සිදු නොවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසන් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.දැනට පවතින තත්ත්වය අනුව විදුලි කප්පාදුව යම් තරමකින් හෝ අවම මට්ටමකට පත්විය යුතු බව ද රත්නායක මහතා කීය.නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සේම මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පවසා ඇත්තේ ඉකුත් 05 දා(ඊයේ) සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බවය.ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු කියා සිටියේ බලාගාර වලට අවශ්‍ය ඩීසල් සහ නැප්තා ප්‍රමාණය නිසි ප්‍රමාණයෙන් නිසි වේලාවට නොලැබීම මත විදුලි කප්පාදුවක් සිදුවීම කෙසේ වත් නතර කළ නොහැකි බවය.එමෙන්ම අන්දමට ඉකුත් 05 දා(ඊයේ) සිට විදුලිය කැපීම නතර කරන බව මිස රජයට පක්ෂපාතී ඇතැම් පාර්ශව පවසන අන්දමට එය අවම මට්ටමකින් සිදු කරන බව අඩු කරන බව ජනාධිපති වරයා ඇතුළු කිසිවකුත් ප්‍රකාශ කොට නැත.

කාලීන පුවත්