පවුලක මාසික වියදම ඉහළට

මෙරට පවුලක මාසික වියදම රුපියල් 76,124 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවකින් හෙළි කර තිබේ.

මෙරට පවුලක මාසික වියදම පසුගිය වසරේ පැවතුණේ රුපියල් 63,820 ක් ලෙසයි. 2022 වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පවුල් වලින් සියයට 60 කගේ මාසික ආදායම පහළ ගොස් ඇති බව ද අදාල වාර්තාවෙන් හෙළිව තිබේ.

එම වාර්තාවට අනුව, පවුලක මාසික වියදමෙන් සියයට 53 ක් එනම් රුපියල් 40,632 ක මුදලක් වැය කරනු ලබන්නේ ආහාර සපයා ගැනීම සදහා බවත්, ඉතිරි සියයට 47 එනම්, රුපියල් 35,492 ක මුදල වැය වන්නේ ආහාර නොවන අවශ්‍යතා සඳහා බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙයි.

එමෙන්ම, මෙරට පවුල්වල ආහාර නොවන අවශ්‍යතා සඳහා වැය කරන මුදලින් වැඩිම ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සදහා වැය කිරීමට සිදුව ඇති අතර එය ආහාර නොවන වියදම් වලින් සියයට 23 ක ප්‍රතිශතයක් වෙයි.

කාලීන පුවත්