අඩුම තරමින් ලබන 15 වනදා වන විට වත් මෙම යල කන්නයට අවශ්‍ය පොහොර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එසේ නොලැබුණහොත් ගැටලුවක් මතු වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි ඒ මහතා පවසනුයේ මේ වන විට නැගෙනහිර පළාතේ ඇතැම් ගොවීන් යූරියා මිටිය රුපියල් තිස් පන්දහසකටත් වැඩි මුදලකට පෞද්ගලික අංශ වලින් මිල දී ගෙන වගාවන් සඳහා යොදවා ඇති බවකි.සාමාන්‍යයෙන් මෙරට එක් කන්නයකින් සහල් මෙට්‍රික් ටොන් දොලහක් පමණ ලැබෙතත් මෙම යල කන්නයේ අපේක්ෂාව වන මෙට්‍රික් ටොන් හතර ලැබීම ද නිසි කලට පොහොර ලැබීම මත රඳා පවතින බව අමාත්‍යංශ ලේකම් වරයා කීය.මහින්දානන්ද අලුත්ගමහේ මහතා කෘෂිකර්ම ඇමති පදවිය හොබවන අතරේ ගෙන ගිය අවිචාරවත් කාබනික පොහොර වැඩ සටහන සමයේ පෞද්ගලික හේතුවක් මත බව පවසමින් කෘෂි අමාත්‍යංශ ලේකම් පදවියෙන් ඉල්ලා අස්වූ පුෂ්පකුමාර මහතා පසුව යළි එම තනතුරට පත් විය.