පහුගිය අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 200 ක් කන්න නම් රිලව් ඉන්න ඕන කෝටි පහක් විතර – චමීර පෙරේරා

අරුම පුදුම පර්යේෂණයක් කරල තියෙනවා; ලංකාවේ. ඒ කියන්නේ ලංකාවේ පහුගිය අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 200 ක්, ඒ කියන්නේ ලක්ෂ දෙදාහක් විනාශ කරාලු; රිලව් කෑවලු.කවුද යකෝ මෙච්චර පොල් ප්‍රමාණයක් ගණන් කරේ. ලංකාවේ වත් එච්චර පොල් වැවෙනවද? පසුගිය කාලෙම අර ගෝඨාභය රාජපක්ෂ කියන මන්ද බුද්ධිකයා පෝර ටික නැති කරලා; පොල් නෙවේ මිනිහෙකුට උලා කන්න දෙයක්වත් ඉතුරු වුණේ නෑ.යකෝ එහෙම වුණොත් එහෙ රිලව් ඉන්න ඕන කෝටි පහක් විතර. මුන් හිතාගෙන ඉන්නවා තාම මුන් අර වඳ කොත්තු, වද බ්‍රෙසියර් අර වඳ ශීට් කියලා මිනිස්සුන්ව බය කළා වගේම මිනිස්සුන්ව වෛරක්කාරයෝ කරා වගේම දැන් උන් බැලුව කෝම හරි ඒ රිලව් ටිකත් විකුණලා උන්ගෙ ඔළු ටික විකුණල චීන්නුන්ට රුපියල් ලක්ෂයකට විතර එක රිලවෙක් ගෙන් ගන්න. මේ ඒක බැරි වෙන කොට දැන් අර වෛරය මුදා හරින විදිහ. ඕක තමයි රාජපක්ෂලගෙ විදිහ.

අපි අහන්නෙ කවුද මේ පර්යේෂණය කළේ. වහාම එළි කරන්න. මේකෙ තියෙනවා මේ කොබ්බෑකඩුව කියල පර්යේෂණ ආයතනයක්. අපි දන්න තරමින් ඒක බොහොම ක්‍රමවත්ව පර්යේෂණ කරන ආයතනයක්. කවුද මේක කළේ මේක අමරවීරගෙ Research team එකද කළේ. මොකක්ද ගත්ත නියැදිය. මොන වගේ ප්‍රදේශ වලද?මේව කළේ. බඩ ගෝස්තරේ හොයා ගන්න කීයක් හරි බැරි වෙන කොට මේන්න මේ සත්තුන්ව වෛරක්කාරයො කරනවා.Demonize කරනවා. යක්ෂයො කරනවා. වෛරයක් ඇති කරනවා සත්තු කෙරෙහි. ප්‍රශ්නයක් තියෙනවා තමයි.

අපි නිතරම කිව්වෙ මේ ප්‍රශ්නෙට වග කියන්න ඕන සත්තු ද? රිලව් වෙන්න පුළුවන් අලි වෙන්න පුළුවන් මොනරු වෙන්න පුළුවන් දඬු ලේන්නු වෙන්න පුළුවන් වල් ඌරන් වෙන්න පුළුවන් මේ අහිංසක මිනිස්සුන්ගෙ ගම් වලට එනව නම් අපි ඒ අහිංසක මිනිස්සුන්ට තමයි මේකට මූණ දෙන්න වෙලා තියෙන්නෙ. හැබැයි මතක තියා ගන්න; ඒ සත්තු හින්ද නෙමේ සත්තු එතනට එන්නෙ සත්තුගෙ කෑම ටික නැති වෙන කොට සත්තුන්ගෙ Territory එක තමන්ගෙ භූමිය නැති වෙන කොට. අන්න ඒ භූමිය නැති කරපු එවුන් තමයි වෛරක්කාරයො. අපේ මිනිස්සු ඒක දන්නව. මිනිස්සු රිලවුන්ට වෛර කරන්නෙ නෑ. මිනිස්සු වෛර කරන්නේ රාජපක්ෂලට.

ඔය ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා කරපු වැඩ බලන්න.ඔය මන්දබුද්ධිකයා 01/ 2005 චක්‍ර ලේඛණය අහෝසි කරල ඒ හිටපු අවුරුද්දට. මේ යකා බැරිවෙලාවත් තව අවුරුදු ගාණක් හිටිය නම් මේක කාන්තාරයක් කරනව. ඒ හිටපු අවුරුද්දට අක්කර එක්ලක්ෂ හැටදෙදහක් තමන්ගෙ හිතවතුන්ට පැවරුව.මේ ඒ ප්‍රතිඵල තමයි සත්තුන්ට ඉන්න තැනක් නෑ.

අපි පහුගිය කාලෙම කිව්ව මේ රාජපක්ෂල නැව් එන්නැති වරායවල් හැදුව එයාර් පෝට් හැදුව ඊට පස්සෙ සම්මන්ත්‍රණ ශාලා හැදුව පිට්ටනි හැදුව අක්කර 450, 600, 700, බරපතල විදිහට කෑලෑ එළිකරල ඒවයෙ ඉන්න සත්තුන්ට යන එන මං නැති කළා. ඒ සත්තු කොහෙද යන්නෙ. අන්තිමේදී සත්තු යන්නෙ ගම් වලට. ඒවට මූණ දෙන්නෙ අහිංසක මිනිස්සු ගොවියො. හැබැයි අපි ගොවි ජනතාවට කියන්නෙ මේ විනාශය කළේ මේ වික්‍රමසිංහල රාජපක්ෂලා කියලයි. අපි දැක්ක අර අමරවීර කියනවා කවුරුවත් ප්‍රායෝගික විසදුමක් දෙන්නෙ නෑ මේ සත්තු සම්බන්ධව කියලා. හරි;එහෙනම් තමුසෙම කියනවකො මොකක්ද මේ ප්‍රායෝගික විසඳුම කියල. සත්ව සංවිධාන ප්‍රායෝගික විසදුම් දෙන්නෙ නැතිනම් තමුසෙ කියනවා තමුසෙගෙ ප්‍රායෝගික විසඳුම මොකක්ද? අපිට හිතා ගන්න පුළුවන් තමුසෙ කියන ප්‍රායෝගික විසඳුම. ඔය එක ප්‍රායෝගික විසඳුමනෙ චීන්නුන්ට මරන් කන්න සත්තු ටික විකුණමු කියලා. දැන් ඔය විදිහට තුවක්කු දීල සත්තු මරහන් කියල නම් ප්‍රායෝගික විසඳුම. අපිට අහන්න තියන්නේ දැන් මේ විදිහට තමුසෙල මේ වික්‍රමසිංහල රාජපක්ෂලට අපිට කරන දේට EPF එකේ ETF එකත් නැති කරල අපිව නිකන් නොමර මරන කොට මිනිස්සු උන්ට තියෙන ප්‍රායෝගික විසඳුම මොකක්ද?කියලයි.අපි අහන්නෙ ඒකයි. ජනතාව මේ අපිව බිත්තියට තියලා හේත්තු කරලා අපේ රීරි මංශය හූරගෙන කාලා අපේ බොකු බඩවැල් ඇදල දාලා අපිව නැති බංගස්ථාන කරන කොට අපිට තියෙන ප්‍රායෝගික විසදුම මොකක්ද? තමුසෙ ඔය සත්තුන්ට දෙන විසඳුම ම තමයි අන්තිමට මිනිස්සු තමුසෙලට දෙන්නෙත් හරිද?.

ඒ නිසා කියන්නෙ මේ රටේ ජනතාවට.බෞද්ධ දහමට ලැදි ජනතාවට මේ ප්‍රශ්න හැදුවෙ අමන දේශපාලකයො. අද මේ ගම්මුයි සත්තුයි අතර ගැටලු ඇති වෙලා තියෙන්නේ ඒ නිසා. මේ ගැටලු විසඳ ගන්න වෙන්නේ මේ අමනයන්ට තව දුරටත් මේක විනාශ කරන්න නොදී රැක ගැනීමෙන්. අපි සත්තුන් ගේත් මනුෂ්‍යයාගේත් පැවැත්ම රැක ගැනීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.

චමීර පෙරේරා (මාධ්‍ය හමුවක දී)

එතෙර - මෙතෙර