පළමු වතාවට ලෝක සංක්‍රාන්ති ලිංගික රූ රැජින කිරුළ ඉන්දියාවට

පළමු වතාවට ලෝක සංක්‍රාන්ති ලිංගික රූ රැජින තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඉන්දියාවට හැකිව තිබේ.

රටවල් 50 කට අධික තරඟකාරියන් පිරිසක් සහභාගි වූ MISS TRANS GLOBAL 2021 තරඟයේ රූ රැජින ලෙස කිරුළ දරන්නට සමත් වී ඇත්තේ ශෘති සිතාරා නම් වූ ඉන්දියානු ජාතික තරුණියයි.

කේරළ ප්‍රාන්තයේ ජීවත් වන 25 වියැති මෙම සුරූපිනිය, උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙකු ලෙසින් වන අතර, පසුව උසස් අධ්‍යාපනය ද ලැබීමෙන් අනතුරුව තම සිහිනය හඹා යමින් සැත්කම් කීපයකට මුහුණ දී ඇත.

එම සැත්කම් සාර්ථක වීමෙන් අනතුරුව සුරූපි තරුණියක් ලෙස සමාජය අභිමුවට පැමිණි ඇය, කේරළයේ සංක්‍රාන්ති ලිංගික රූ රැජින තරඟය සඳහා ඉදිරිපත්ව ජය ලබා, පසුව ඉන්දියානු සංක්‍රාන්ති ලිංගික රූ රැජින ලෙස කිරුළු දරා ඇති අතර, අවසානයේ ඉන්දියාව නියෝජනය කරමින් සහභාගි වූ ජාත්‍යන්තර තරඟයේ ජයග්‍රාහිකාව වෙමින්   ඉන්දියාවට තවත් රූ රැජින කිරුළක් රැගෙන එන්නට සමත් වී ඇත.

කාලීන පුවත්