රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට යොමු කර තිබේ.
මැතිවරණ කොමිසම සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවද ඒ සමඟ යොමු කළ බවයි.පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක ප්‍රකාශ කරයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම කටයුතු සිදුවූ වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි. පළාත් පාලන මැතිවරණය එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා මහනුවරදී ප්‍රකාශ කරයි.