ප්‍රමිත බණ්ඩාර ගෙන් පොහොට්ටුවට රතු එළියක්

පසුගිය 8 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළුවට හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ආරාධනා කර නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකයා වන හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට හට අදාළ සමුළුවට ආරාධනා නොකිරීම ඔහුට කළ අගෞරවයක් මෙන්ම මදි පුංචිකමක් බවයි.එමෙන්ම ඒ සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලී ජනතාව නිසි ප්‍රතිචාර දක්වනු ඇති බව ද රාජ්‍ය අමාත්‍ය වරයා කීය.එමෙන්ම ඔහුට සහ ඔහුගේ පුත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට මෙම සමුළුවට ආරාධනා නොකිරීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මතභේදාත්මක තත්වයක් උද්ගතව තිබෙන බව ද වාර්තා වෙයි.

කාලීන පුවත්