පාට වෙනස් වුණත් රුසියානු බණ්ඩි පොහොර වල අවුලක් නැතිලු

රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර තොගයේ ප්‍රමිතිය කිසිදු ගැටලුවක් නැතැයි කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.එම පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර පැවති සැකය සම්බන්ධව අමාත්‍යංශයේ අවධානය යොමුව තිබුණි.ඒ අනුව ආනයනය කරන ලද එම පොහොර සංයුතියේ විශ්ලේෂණ වාර්තාව සහ පරීක්ෂා කරන ලද අනෙකුත් ප්‍රමිතීන් අනුව පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බවට අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.එම පොහොරවල වර්ණය තැන්පතුවේ පවතින ඛනිජ ලවණ මත තීරණය වන බව ද යකඩ ඔක්සයිඩ් පවතින විට මෙහි වර්ණය රතු පැහැයක් ගන්නා අතර එසේ නොවන අවස්ථාවල සුදු පැහැයක් ගන්නා බවත් පොහොරවල ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර එකම පොටෑසියම් ප්‍රමාණයක් සපයන බවත් සඳහන් කරයි.

කාලීන පුවත්