තිරිඟු පිටි මිල අඩු වීම මත පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කළ හැකි බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා කළ ප්‍රකාශයකට දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා දැඩි විරෝධය පළ කොට ඇත.ඔහු පවසනුයේ තිරිඟු පිටි මිල අඩු වුවද බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය වෙනත් අමු ද්‍රව්‍යවල මිල සහ ප්‍රවාහණ වියදම අඩු නොවීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අඩු කළ නොහැකි බවකි.එමෙන්ම පිටකොටුවේ පිටි කිලෝව රුපියල් දෙසිය පනහ වූ පමණින් ඒ පිටි ගමට ගෙනියන්නේ කරෙන්දැයි තමන් ජයවර්ධන මහතා ගෙන් අසන බවත් පාන් ගෙඩියක් රුපියල් තුන් සීයක් වන බව පවසමින් ජයවර්ධන මහතා බේකරි කර්මාන්තය වල පල්ලට ඇද දැමූ බවත් කමල් පෙරේරා මහතා කීය.ඒ ඊයේ(02) ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවක දීය.