පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් බවට පත් කෙරේ

වර්තමාන වියළි කාලගුණික තත්වය පදනම් කර ගනිමින් පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ එකාබද්ධ හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.ඉහත අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත එම කමිටු වේ එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙල සඳහා අදාළ සියලු ආයතන ද ඊට සම්බන්ධ කරගැනීමට නියමිත ය.

කාලීන පුවත්