අද (16) පෙ.ව 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් මන්ත්රීවරුන්ට නිදහසේ රැස්වීමට හා අදහස් ප්රකාශ කිරීමට ඇති අයිතිය රැකීමටත් ඕනෑම පියවරක් ගැනීමට ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයකට විය.පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ නිදහසට බාධාවන අයුරින් කිසියම් මන්ත්රීවරයකු හෝ කඩාකප්පල්කාරී අයුරින් හැසිරෙන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.මේ අතර පාර්ලිමේන්තු පිවිසුම අසල දී ඉකුත් 13 වෙනිදා රාත්රී නොසන්සුන්තාවයක් ඇති කරන ලද්දේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් බව ද එම සිද්ධියේදී හමුදාවෙන් පැහැර ගත් ගිනි අවි දෙක සෙවීම සඳහා සුදුසු ඕනෑම පියවරක් ගැනීමට ආරක්ෂක අංශයට බලය පැවරීමට ද මෙහිදී තීරණය වී ඇත.වැඩ බලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙම කැබිනට් රැස්වීම පැවැත්විණි