පාර්ලිමේන්තු කැන්ටිමේ බුෆේ වෙනුවට බත් පැකට්

පාර්ලිමේන්තු මැති ඇමති වරුන්ට, එහි කාර්ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් සඳහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ දැනට ක්‍රියාත්මක කෙරෙන ආහාර බෙදාගෙන කෑමේ(බුෆේ) ක්‍රමය වෙනුවට අඩු වියදමකින් සැකසුණු බත් පාර්සල් ලබාදීමේ හැකියාව ගැන කතානායකවරයාගේ අවධානය යොමු වී තිබේ. .කතානායකවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ රටේ ආර්ථික තත්වය සහ පාර්ලිමේන්තුවේ ලබා දෙන ආහාර වේල අතර බරපතල විෂමතා පවතින බවට ජනමතයක් ගොඩනැඟෙමින් පවතින පසුබිමකය.මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 53 දෙනෙක් තමන්ට පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල අත්හිටුවන්නැයි කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කොට ඇත.මේ අනුව එම මන්ත්‍රීවරුන්ගේ දිවා ආහාර වේල ඊට පසු දින සිටම නතර කිරීමට පියවර ගත් කතානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවට ද දැනුම් දී තිබේ.සෙසු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කොට තීරණයක් ගන්නා බව ද කතානායකවරයා පැවසීය.

කාලීන පුවත්