පාර්ලිමේන්තු විපක්ෂ නායක පුටුව බලෙන් අල්ලා ගත් මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමචන්ද්‍රන් විහිළු කාරයෙක් ද? නැතිනම්;

වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී වැනි වෘත්තිකයන් සහ විද්වතුන්, දේශපාලනඥයින් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ විට එහි වඩාත් වැඩි විනයක් ඇති වන බවට මත පළ වුවත්, නව රජයේ පළමු පාර්ලිමේන්තුව රැස්වූ පසුගිය 21 වැනිදා යාපනේ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමකින් තේරී පත් වී පාර්ලිමේන්තුවට පැමිණි වෛද්‍යවරයකුගේ එක්තරා ආකාරයක විනයක් නොමැති හැසිරීමක් දකින්නට හැකි විය. අර්ජුනා රාමචන්ද්‍රන් නමැති මේ වෛද්‍යවරයා පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ විපක්ෂ නායක ආසනයේ හිඳ ගැනීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියකු සමග යම් කතාබහක් ඇති වී තිබිණි. පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ දී මන්ත්‍රීවරුන්ට වෙන් වශයෙන් අසුන් පැනවීමක් සිදු නොවන අතර කැමති තැනක අසුන් ගත හැකි බවට පවසා තිබිණි. මේ වෛද්‍යවරයා විපක්ෂ නායක අසුනේ හිඳ ගැනීම යම් ගැටලුවකට හේතු වී තිබිණි. පාර්ලිමේන්තුවක් තුළ ක්‍රියාත්මක වන නීති මෙන්ම සම්ප්‍රදායයන් ද පවතින අතර, නීත්‍යනුකූලව විපක්ෂ නායක අසුනේ හිඳ ගැනීමේ ගැටලුවක් නැතත්, සම්ප්‍රදායානුකූලව පළමු දිනයේ දී පවා විපක්ෂ නායක අසුනේ කිසිවකු හිඳ නොගන්නා බව පැවසේ. ගැටලුව පැන නැගී ඇත්තේ මේ සම්ප්‍රදාය බිඳීම සම්බන්ධවය. වේත්‍රධාරියා එම සම්ප්‍රදාය පිළිබඳ පවසන විට තමා පැමිණියේ සම්ප්‍රදායයන් වෙනස් කරන්නට බව ඔහු පවසයි. මේ සියල්ල වීඩියෝ ගත කරන්නේ ද එකී වෛද්‍යවරයාම වන අතර එසේ පවසමින් ඔහු එම අසුනෙන් නැගී සිටීම ප්‍රතික්ෂේප කළ අතර එම සංවාදයේ වීඩියෝ දර්ශනය සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වීමත් සමග සමාජය තුළ මේ සම්බන්ධයෙන් මහත් කතාබහක් ඇති වන්නට පටන් ගැනුණි.

වෛද්‍ය අර්ජුනාට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් කරුණු පැහැදිලි කිරීමක්

සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින අතරේ පටිගත කළ වීඩියෝ දර්ශනයක් ද සමාජ ජාලවල සංසරණය වන අතර එකී සිදුවීම සම්බන්ධව කතා කරමින්, තමා දෙවියන් ලෙස සලකන්නේ ප්‍රභාකරන් බව ද පවසා සිටියි. දෙමළ ජාතික වෛද්‍යවරියක සමග ඔහු සිදු කළ දීර්ඝ දුරකතන සංවාදයක දී තමාට දෙමළ ඩයස්පෝරාවෙන් අරමුදල් ලැබෙන බව ද පවසයි.

ඔහු මේ සිදුවීමෙන් පසුව සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින අතරේ පටිගත කළ වීඩියෝ දර්ශනයක් ද සමාජ ජාලවල සංසරණය වන අතර එකී සිදුවීම සම්බන්ධව කතා කරමින්, තමා දෙවියන් ලෙස සලකන්නේ ප්‍රභාකරන් බව ද පවසා සිටියි. දෙමළ ජාතික වෛද්‍යවරියක සමග ඔහු සිදු කළ දීර්ඝ දුරකතන සංවාදයක දී තමාට දෙමළ ඩයස්පෝරාවෙන් අරමුදල් ලැබෙන බව ද පවසයි. පාර්ලිමේන්තුව තුළ වූ ඔහුගේ හැසිරීම, ඔහු හිතාමතා කළ එකක් බවට අදහස් ද පැතිර යන බව දක්නට ලැබේ. ඒ, තමා උතුරේ ජනප්‍රිය වෛද්‍යවරයකු වුව ද දකුණේ බහුතරයක් තමා පිළිබඳ නොදන්නා නිසා පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ දී ම තමා පිළිබඳ දකුණේ ජනතාව අතර මතවාදයක් ඇති කිරීම මේ හැසිරීමේ අරමුණ වූ බව ඇතැම්හු පවසති. දකුණේ මෙන්ම උතුරේ බොහෝ සමාජ මාධ්‍යවලින් ඔහු පිළිබඳ සඳහන් කර තිබුණේ ජාතිවාදය නැවත ඇවිළවීම තුළින් යම්කිසි නොසන්සුන්තාවක් ඇති කිරීම ඔහුගේ අරමුණ වූ බවය.

අනෙක ඔහු වේත්‍රධාරියා සමග සිදු කරන සංවාදය තුළ විරෝධාකල්ප ස්වභාවයක් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පළමු දිනයේදීම සිය විරෝධාකල්පී මතවාදය ජනතාවට ඇඟවීම සඳහා මේ ක්‍රියාව සිදු කළේ යැයි මේ සම්බන්ධව අදහස් දක්වන ඇතැම්හු පවසති. ඔහු පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ හොඳින්ම දැනුවත්ව පැමිණි නිසාම, හිතාමතා විපක්ෂ නායක අසුනේ හිඳ ගත්තේ සිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට බව එයින් පැහැදිලි වේ. එමෙන්ම පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ වීඩියෝ දර්ශන, ආපනශාලාවේ ආහාර ගැනීම්වල ඡායාරූප ආදිය සමාජ මාධ්‍යවලට එක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය හෑල්ලු කිරීමකට ලක් කරන බවට ද අදහස් පළ වී තිබිණි.

ස්වාධීන කණ්ඩායම් අංක 17 ඔස්සේ මෙවර මහ මැතිවරණයට තරග කළ ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 20,487 ක් විය. උතුර ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයෙන් වැඩිම මනාප ගත් අපේක්ෂකයන්ගෙන් දෙදෙනෙකුගේ මනාපවලටත් වඩා මෙකී වෛද්‍යවරයා ලබා ගත් මනාප ඉදිරියෙන් තිබිණි. එයින් පැහැදිලි වන්නේ ඔහුගේ මතවාදයට ද යාපනේ ජනතාව අතර යම් පිළිගැනීමක් පවතින බවය.

තමා අයුක්තියට, අසාධාරණයට එරෙහි අයෙක් බව පෙන්වන වීඩියෝ බොහොමයක් ඔහු සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බව පෙනෙන්නට තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් බොහෝ දූෂණ ඇති බව ද උතුරේ ඒවා ඉතා බහුල බව ද ඔහු සිය වීඩියෝ දර්ශනවලින් පවසයි. ඒවා බොහොමයකින් සමාජයේ අකටයුතුකම් පිළිබඳ කතා කළ ද, ඒ බොහෝ ඒවා ඔහු නිර්මාණය කර ඇත්තේ හාස්‍යෝත්පාදක ඒවා ලෙසින් වන අතර ඒ නිසා යාපනයේ ජනතාව ඔහු ‘විහිළුකාරයකු’ ලෙස හඳුන්වා ඇති අවස්ථාවන් ද දකින්නට ලැබේ.

ඔහු සම්බන්ධව ඇති විකිපීඩියා පිටුවට අනුව ඔහු දැනට චාවකච්චේරි රෝහලේ වෛද්‍ය වෘත්තියේ යෙදී සිටියි. දේශපාලනඥයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ පසු එකී වෘත්තියෙන් ඉවත් විය යුතු වුව ද ඔහු තවමත් එසේ සිදුකර නොමැති බැවින් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කළ යුතු බව දේශපාලන පක්ෂ කිහිපයක්ම ඉල්ලා තිබෙනු දකින්නට හැකි විය. එක්තරා ප්‍රකට යූටියුබ් නාලිකාවක් සමග මීට මාස කිහිපයකට පෙර ඔහු සමග පැවැත්වූ සංවාදයක දී ඔහු පවසා තිබුණේ සිය පියා එල්.ටී.ටී.ඊ. පොලිසියට සම්බන්ධ වී පොත් පරිවර්තනය කිරීමේ කාර්යයක නිරත වූ බවය.

තමා අයුක්තියට, අසාධාරණයට එරෙහි අයෙක් බව පෙන්වන වීඩියෝ බොහොමයක් ඔහු සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බව පෙනෙන්නට තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් බොහෝ දූෂණ ඇති බව ද උතුරේ ඒවා ඉතා බහුල බව ද ඔහු සිය වීඩියෝ දර්ශනවලින් පවසයි. ඒවා බොහොමයකින් සමාජයේ අකටයුතුකම් පිළිබඳ කතා කළ ද, ඒ බොහෝ ඒවා ඔහු නිර්මාණය කර ඇත්තේ හාස්‍යෝත්පාදක ඒවා ලෙසින් වන අතර ඒ නිසා යාපනයේ ජනතාව ඔහු ‘විහිළුකාරයකු’ ලෙස හඳුන්වා ඇති අවස්ථාවන් ද දකින්නට ලැබේ. ඇතැම් අවස්ථාවල දී පොලිසිය සමග පවා හේතුවක් නොමැතිව ගැටුම් නිර්මාණය කර ගත් අවස්ථාවන් ද වාර්තා වී තිබේ. මේ සෑම ක්‍රියාවක් තුළින් ම ඔහු අපේක්ෂා කර ඇත්තේ යම්කිසි ජනප්‍රියතාවක් බව පෙනෙන්නට තිබේ. තමා පිළිබඳ විකිපීඩියා පිටුවක් නිර්මාණය කර ගැනීම තුළින් ඒ ජනප්‍රියතාව යම්කිසි විධිමත් බවකට පත් කර ගැනීම අපේක්ෂා කළ බව සමාජ මාධ්‍ය තුළ පළවන අදහස්වලින් පැහැදිලිය. ඔහුගේ විකිපීඩියා පිටුව පරීක්ෂා කළ බව පෙනෙන්නට තිබෙන්නේ එය නිර්මාණය කර ඇත්තේ පසුගිය නොවැම්බර් 15 වැනිදා බවය. එහි අන්තර්ගතය තවමත් නිවැරදි ලෙස සෝදුපත් කියවීමකට ලක් කර නොමැති බව ද පෙනෙන්නට තිබේ. ඒ අනුව පෙනෙන්නේ මෙය හදිසියේ නිර්මාණය කරන ලද්දක් බවය. එහි එක් තැනක contact basis ලෙස සඳහන් වන අතර එය සැබවින්ම සඳහන් විය යුත්තේ contract basis ලෙසිනි. මේ එක් වරදක් පමණි. තවත් වැරදි තිබිය හැකිය. මෙය නිර්මාණය කළ දිනයේ සිටම දිනපතාම වාගේ සංස්කරණය කළ බව ද දකින්නට ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමචන්ද්‍රන් සම්බන්ධ මේ සියලු කාරණා තුළින් පැහැදිලි වන්නේ ඔහු පාර්ලිමේන්තු සම්ප්‍රදාය ද අතික්‍රමණය කරමින් කුමක් හෝ යටි අරමුණක් සිතේ දරා මේ සියලු දේ කරන බවය. වෛද්‍යවරයකු සේම වෛද්‍ය පරිපාලකයකු ද ලෙස සේවය කරන ඔහු වගකීම් විරහිත, අඥානයකු ලෙස හැසිරෙන්නට අවශ්‍ය පුද්ගලයකු නොවේ. නමුත් පසුගිය කාලය මුළුල්ලේ ම ඔහු හැසිරී ඇත්තේ ඒ ආකාරයටය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමචන්ද්‍රන් සම්බන්ධ මේ සියලු කාරණා තුළින් පැහැදිලි වන්නේ ඔහු පාර්ලිමේන්තු සම්ප්‍රදාය ද අතික්‍රමණය කරමින් කුමක් හෝ යටි අරමුණක් සිතේ දරා මේ සියලු දේ කරන බවය. වෛද්‍යවරයකු සේම වෛද්‍ය පරිපාලකයකු ද ලෙස සේවය කරන ඔහු වගකීම් විරහිත, අඥානයකු ලෙස හැසිරෙන්නට අවශ්‍ය පුද්ගලයකු නොවේ. නමුත් පසුගිය කාලය මුළුල්ලේ ම ඔහු හැසිරී ඇත්තේ ඒ ආකාරයටය. පාර්ලිමේන්තුවේ දී සිදු වූයේ එය උච්චතම අවස්ථාවකට පත් වීමය. මෙතෙක් කල් වැඩි වශයෙන් උතුරේ ජනතාව අතර පමණක් කතාබහට ලක් වූ මේ චරිතය මේ සිදුවීමත් සමග දකුණේ ජනතාව අතර ද ප්‍රචලිත වන්නට පටන් ගෙන තිබේ. කෙසේ නමුත් මොහු සැබවින්ම පවසන්නට උත්සාහ දරන්නේ කුමක්ද, ඔහු කුමනාකාර පුද්ගලයෙක්ද, ඔහු යම්කිසි පෞරුෂමය ආබාධයකින් පෙළෙන්නෙක් ද ආදී කිසිවක් පිළිබඳ නිගමන දෙන්නට තවමත් කල් වැඩිය. ඉදිරි කාලයේදී මේ සියල්ල අනාවරණය වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර