පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වූ කරුණ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා ඔවුන් කොටු කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.මෙම සිද්ධිය පිළිබඳව මුලින්ම තොරතුරු අනාවරණය කළ මාධ්‍යවේදීන්ට තම ස්තුතිය පුද කරන බව පැවසූ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඒ සම්බන්ධයෙන් යම් යම් තොරතුරු හෙළිවීම නිසා මේ වන විටත් ප්‍රධානියකුගේ වැඩ තහනම් කර ඇති හෙයින් මේ පිළිබඳව පරීක්ෂණ දිගටම පවත්වා සෙසු සැකකරුවන් ද කඩිනමින් කොටු කර ගැනීම පරීක්ෂණ කමිටුවේ වගකීම බව පවසයි. ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පරීක්ෂණ මුළුමනින්ම අපක්ෂපාතී බවත් ඒවාට බාධා කිරීමට කිසිදු බලවතකුට ඉඩ නොදෙන බවත් වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියි.