පාරෙන් ඇහිඳගත් පර්ස් එකක තිබූ මුදලින් විශ්ව විශ්වවිද්‍යාල නිර්මාණය වුණ හැටි – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

Campas courses campas last name origin Campas definition campus map direction campa cola google campus campus meaning in hindi

මේක ඇත්ත කතාවක්. හැබැයි මෙහෙ නෙමෙයි ඇමරිකාවේ. කෙන් බෙරින්ග් කියල අති විශාල ධනස්කන්ධයක් හිමි ධන කුවේරයෙක් හිටියා. එහෙත් ඔහු පුංචි දවස් වල ඔහුගේ අම්මා ඔහුව නඩත්තු කරල තියෙන්නෙ ගොඩනැගිලි පවිත්‍ර කරනන්නියක් විදියට රැකියාව කරලා.
කොහොමහරි දැඩි කැපවීම සහ බලවත් උනන්දුව නිසා ඔහු ටිකින් ටික ජීවිතය ගොඩනඟා ගෙන වයස අවුරුදු 26 වන විට අතිවිශාල ධනවතෙක් බවට පත්වුණා.

ඔහු සුපිරි වෙළෙඳසල් කිහිපයක්ම නොයෙකුත් පෙදෙස් වල ආරම්භ කළා.
සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ සුපිරි වෙළඳසැලක් ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර දවසක් ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමට ඔහු ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සමඟ එම නගරයට ගියා.
ඒ නගරයට යාබදව තිබුණේ ඉතාමත්ම දුප්පත් මිනිස්සු ජීවත්වුනු ප්‍රදේශයක්. ඔහු නිකමට වගේ ඒ ප්‍රදේශයේ ටිකක් සැරිසරලා ආපසු තමන් නතරවී සිටි සුපිරි හෝටලයට පියවර මැන්නා . හෝටලයට ආවට පස්සෙයි ඔහුට තේරුනේ ඔහුගේ පසුම්බිය නැති වෙලා බව. මේ බව කිව්වම ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීනියාත් ගොඩක් කලබල වුණා .ඒ ඔහුටත් ඒ පිළිබඳව වගකීමක් තිබුණා නිසා.
නැවත ගිහින් ඒ ගැන සොයා බලන්නට ආරක්ෂක නිලධාරියා යෝජනා කලා වුණානත් මේ ධන කුවේරයා කිව්වේ, නැහැ අපි ටික වෙලා වක් බලමු… කාට හරි ඒක හම්බ වුණු කෙනෙක් ඉන්නව නම් මට දුරකතනයකින් අමතාවී කියලා.

ඒත් හවස් වනතුරුවත් කිසි කෙනෙක් කතා කළේ නැහැ.
එදා රෑ එම නගරයෙන් පිටත් වීමට තිබුණා තිබුනා උනත් එදා රෑ එම හෝටහෝටලයේම නතර වීමට ඔහු තීරණය කළා. ඒත් ධන කුවේරයෙක් බව හොඳින් අඳුනන නිසා, පසුම්බිය ඔහු ළඟ නොතිබුනත්, හෝටලයේ ඔහුට නවාතැන් ගැනීමට කිසිම ගැටලුවක් වුණේ නැහැ.
කෙසේ වෙතත් බලාපොරොත්තු නොවූ විදිහට පසුදා උදෑසන ඔහුට දුරකථන ඇමතුමක් ආවා. ඉතා ළාමක ගැහැණු කෙනකුගේ හෝ දරුවෙකුගෙ කටහඬක්. ඔහුට පසුම්බිය ලැබුණු බව දැනුම් දුන්නා. ඉන්පසු එය ලබාගැනීමට එම නගරයේ තැනකදී හමුවන ලෙස ඔවුන් කතා කරගත්තා. එහෙත් ආරක්ෂක නිලධාරියා ඒකට කැමැති වුණේ නැහැ. ඔහු හිතුවෙ ඒ දුප්පත් ජනතාවගෙන් පිරි පෙදෙසට මෙම ධන කුවේරයා කැඳවා ඔහුට අඩන්තේට්ටම් කිරීමට හෝ ඔහුගෙන් තව තවත් මුදල් කඩා ගැනීමට යම්කිසි ප්‍රයෝගයක් වීමට ඉඩ ඇති බවයි.
එහෙත් මේ ධන කුවේරයා ඒ ගැන නොතකා එම කතාකරගත් ස්ථානයට ගියා. එහෙත් ඔහු හමු වීමේ බලාපොරොත්තුවෙන් කිසිම කෙනෙක් එතන හිටියේ නැහැ. අවුරුදු 10 ක විතර පිරිමි දරුවෙක් පැත්තක ඉන්නවා දැකලා ඔහු ගිහින් ඇහුවා කිසි කෙනෙක් යම් කෙනෙක් එනතුරු මෙතන බලා හිටියද කියලා.

ඇත්තටම බලා ඉදල තියෙන්නෙ ඒ පොඩි දරුවා . පසුම්බිය හම්බවෙලා තියෙන්නේ ඔහුට. ඔහු පසුම්බිය ධන කුවේරයාට බාර දුන්නා. ආරක්ෂක නිලධාරියා ඒ පසුම්බිය හොඳින් පරික්ෂා කර බැලුවා. ක්‍රෙඩිට් කාඩ් කිහිපයක් මෙන්ම ඩොලර් 3000ට අධික මුදලක් තිබුණු එම පසුම්බියේ කිසිම දෙයක් අඩුවෙලා තිබුණේ නැහැ.
මෙම දරුවාගේ පුදුමාකාර හැසිරීම් ගැන විශ්මයට පත් ධන කුවේරයා ,ස්තුතියක් වශයෙන් ඔබට මොනවද ඕනේ කියලා ඔහුගෙන් ඇහුවා. මේ දරුවා කිව්වේ ‘මට එක ඩොලර් එකක් දෙන්න කියලයි. ඩොලර් එකක් ඉල්ලන්නේ ඇයි කියලා ඇහුවම ඔහු දුන්නේ මේ පිළිතුර.
.” ඊයේ ඔබට දුරකථන ඇමතුමක් දෙන්න මට මුදල් තිබුණේ නැහැ. අද උදේ අර පාරෙන් එහා පැත්තේ තියෙන වෙළඳසැලේ කෙනෙකුගෙන් මම ඩොලර් එකක් ණයට අරගෙන තමයි ඔබට දුරකථන ඇමතැතුම දුන්නේ .දැන් මට ඒක ඔහුට ආපසු ගෙවිය යුතුයි.”
දරුවාගේ මේ විශ්මිත හැසිරීම් ගැන පුදුමයට පත් ඒ ධන කුවේරයා ඔහුට උසස් ලෙස කළගුණ සැලකුවා පමණක් නොව එම ප්‍රබල ධනවතාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට මෙම සිදුවීම පත්වුණා.

ඔහු සැලසුම් කළ පරිදි ඒ නගරයේ සුපිරි වෙළෙඳස සැලක් හැදුවේ නැහැ. ඔහු ඉතා විශාල මුදලක් වැයකර ඉතා උසස් මට්ටමේ පාසලක් ගමේ දුප්පත් අහිංසක දරුවන් වෙනුවෙන් ඉදිකළා. ඉන් නතර වුණේ නැහැ. ඔහු තවත් බොහෝ ස්ථාන වල පාසල් බොහොමයක් විවෘත කලා. විශ්වවිද්‍යාල කිහිපයක් පවා බිහිකරන්නට පියවර ගත්තා.

මේ සෑම දේටම මුල් වුණේ අර දිළිඳු එහෙත් අවංක අහිංසක දරුවගේ පරිත්‍යාගශීලී හැසිරීම. පාසල් ගණනාවක් සහ විශ්වවිද්‍යාල ගණනාවකට මිලියන ගණන් මුදල් මෙම ධනවතා වියදම් කළා පමණක් නොව දිළිඳුන්ට උදව් කිරීම බොහෝ සංවිධාන පවා ආරම්භ කළා.
ඔහු රෝද පුටු නව ලක්ෂ හහතලිස් දහසකට වඩා ලෝකෙ පුරා ආබාධිත රෝගීන්ට පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහු කළ පුදුමාකාර පරිත්‍යාගශීලී ක්‍රියාවලින් කීපයක් පමණයි. ඊටත් වඩා ඔහු කළ පරිත්‍යාගශීලී දේවල් පිළිබඳව ඔබට ජාත්‍යන්තර මාධ්‍ය වලින් ලබාගන්න පුළුවන් .අනූ එක් වසරක් ආයු වළඳා ඔහු මෑතකදී මියගියේ ලෝකයේ දස අත දස දහස් ගණන් ජනතාවගේ ආදරය ගෞරවය හිමි වෙද්දි. ඔහුගේ ජීවිතය පුරාවටම ඔහු ප්‍රකාශ කළේ මුදල් ගොඩ ගැසීමට ඔහුට කිසිම අවශ්‍යතාවයක් නොතිබුන බවයි.
මේක ඇත්ත කතාවක්. මෙවැනි පරිත්‍යාගශීලින් බොහෝ දෙනෙක් ලොව පුරා විහිදී සිටින බව අපට දැනගන්න ලැබෙනවා.
මේ කතාවෙන් වැදගත් කරුණු කිහිපයක් අපට ඉගෙන ගන්න තියෙනවා.

මේ සුපිරි ධනවතාවතා ගේ මව බිම පවිත්‍ර කරන දුප්පත් කාන්තාවක්. නමුත් දුප්පත්කම ගැන කන්කෙඳිරි ගගා ඉන්නේ නැතුව අමාරුවෙන් හරි දරුවන් පෝෂණය කරලා හොඳ තැනකට ගෙනල්ලා මුළු ලෝකයටම වටිනා පුද්ගලයෙක් බිහි කළා .එවැනි අම්මලාගේ වටිනාකම කෝටි ගනන් වටින මැණික් කන්දකටවත් සම කරන්න බැහැ.

ඊළඟට, මිනිස්සු බොහෝ දෙනෙක් හිතන්නේ කෙනෙක් හොරකම් කරන්නෙ දුප්පත්කම නිසා කියලා. නමුත් මේ කතාවෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා ඒක බොරු බව.
භෞතික ලෝකයේ කිසිම දේකින් කිසිම අඩුවක් නැති සෑම සම්පතින්ම පරිපූර්ණ, ධනය බලය තියෙන ඉහළ මට්ටමේ මිනිස්සු අතර වුණත් අන්තිම පහත් මට්ටමේ පගා ගහන, වංචා කරන ලෝක හොරු ඉන්න බව විශේෂයෙන්ම අපේ රටේ ඉතා පැහැදිලිව දකින්න තියනවා කියන එක බොරුවක් නෙමෙයි.
මිනිස්සු සොරකම් කරන්නේ නැතිකමට නෙමෙයි .තුච්ච-නීච හැදියාවන් නිසා. බොහෝ විට හොඳ දෙමාපියන්ගේ මග පෙන්වීමක් නොමැති නිසා.
නිකමට හිතන්න ඔබට එවැනි විශාල මුදලක් සහිත පසුම්බියක් හමු වුනා නම් ඔබ මොකද කරන්නේ?
කිසිවෙකුට නොකිව්වත්, කිසිවෙක් නොදැනගත්තත් අවංකව ඔබේ හෘද සාක්ෂියෙන් ලැබෙන පිළිතුරෙන් පැහැදිලිව තේරුම් ගන්න ඔබ මොනවගේ පුද්ගලයෙක්ද කියලා.

ඔබ අර කුඩා දරුවා මෙන් අවංක නම්, ඔබ මුදලින් කොයිතරම් දිළින්දෙකු වුණත් ගතිගුණ අතින් පෞරුෂය අතින් ඔබ අතිශයෙන්ම වටිනා උත්තරීතර ධනවත් පුද්ගලයෙක්. ලෝකෙට අවශ්‍ය වන්නේ එවැනි අය.
දිනපතා පන්සිල් ගත්තත් මොන ආගම අදහනවා වුණත් අනුන්ගේ දේ කඩා වඩා ගැනීමේ චේතනාව කෙනෙකුගේ හිත යට තියෙනවා නම්, හොර හිතක් තියෙනවා නම් ඔහු හෝ ඇය ආගමට නිග්‍රහ කරන බොරුකාරයෙක්, වංචාකාරයෙක් බව තේරුම් ගන්න.
මිනිස්සු ගොඩක් දෙනෙක් ජීවත් වෙන්න අනිත් අය මැරුණට තමන් කවදාවත් මැරෙන්නෙ නැහැ කියලා හිතාගෙන.
මතක තියාගන්න ඔබ කෝටි ගණන් ගොඩ ගැහැව්වත් මැරෙන දවසක එක රුපියලක් වත් ගෙනියන්න පුළුවන් කමක් නැති බව .
පරිත්‍යාගශීලී හිතෙන් ඔබට තියන බත් කට හරි බෙදා ගත්තොත් ඔබ නැති කාලෙක හරි ඔබේ නම මිනිසුන්ගේ හදවත් තුළ රැඳී තියෙයි. ආදරයට ගෞරවයට භාජනය වෙයි.

මහා ගත්කරු විවිලියම් ශේක්ස්පියර් මෙහෙම කිව්වා .
‘ඔබ අවංක පුද්ගලයෙක් වන්න. එවිට ලෝකයේ එක තක් කඩියෙක් අඩුවනු ඇත.’
ලෝකෙ කෙසේ වෙතත් අඩුගානේ මේ ලංකාවේ හැම කෙනෙක්ම අර පසුම්බිය ඇහිඳපු දුප්පත් අවංක දරුවා වගේ වුනානම් අපට තක්කඩි නැති රටක කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද නේද!
බලන්න.දුප්පත් පෙදෙසක දුප්පත් පවුලක හිටපු අහිංසක දරුවෙක් තුළ කිඳා බැස ගෙන තිබූ අවංක කම නිසා ක්ෂණයකින් ධනවතෙකුගේ තීරණ වෙනස් වූ හැටි!

සුපිරි වෙළෙඳසල් වෙනුවට පාසල් විශ්වවිද්‍යාල බිහිවූ හැටි.
තණ්හාව නිසා ගොඩ ගහනවා වෙනුවට අනුන්ගේ තඹ සතයක්වත් වැරදි විදිහට නොගෙන ජීවත්වීමට හැකි අවංක මිනිස්සු විතරක් ඉන්නවනම් මේ ලෝකෙ කොච්චර සැනසිලිදායක තැනක් වෙයිද. නේද.
හැබැයි ඒක පටන්ගත යුත්තේ ඔබෙන්ම බව මතක තබා ගන්න.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඉරා අදුරුපට