පාසල් පද්ධතිය දියුණු කරන ජනපතිගේ සැලැස්ම

දිවයිනේ සියලු පාසල් පිළිබඳ සමීක්ෂණයක් සිදුකරමින් දියුණු පාසල් පද්ධතියක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ජනතාවගේ වගකීමක් නොවන බැවින් එම වරප්‍රසාද ඉවත් කිරීමට අදාළ පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල බද්දේගම නගරයේ පැවති ජන රැළියට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරයි.

රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් ජන රැළිය සංවිධාන කර තිබුණි.

කාලීන පුවත්