පාසල් සංවර්ධන ගාස්තුත් ඉහළට පාසල් වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු 50% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව පාසල් ප්රධානීහු පවසති.වාර විභාග ප්රශ්න පත්ර සඳහා පළාත් සභා වලින් මුදල් වැය කිරීම් මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර ඇත. එබැවින් එම මුදල් ද දෙමාපියන්ගෙන් අය කර ගැනීමට සිදු ව තිබේ.එමෙන්ම විදුලි ගාස්තු ඉහළ යාම නිසා පාසල්වලට දැරීමට සිදුවන අසීමිත මුදල ද දෙමව්පියන් මත පැටවීම හැර වෙනත් විකල්පයක් නැති ඔවුහු පවසති.
මීටත් අමතරව ඉන්ධන ද ඇතුළු ඉහළ ගොස් තිබෙන වියදම් අනුව පාසල්වල ක්රීඩා සහ වෙනත් විෂය බාහිර ක්රියාකාරකම් සඳහා සැලකිය යුතු අමතර මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බව ද පවසන පාසල් ප්රධානීහු ඒ සියලු වියදම් ඇතුළත් කිරීමට සිදුව ඇත්තේ පාසල් සංවර්ධන සමිති ගාස්තුවට බව ද කියා සිටිති.මේ අතර ඉහළ යන ජීවන වියදම් මත සේවා ගාස්තු වැඩි කිරීමකින් තොරව පාසල්වල ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාමට ද නොහැකි තත්වයක් පවතී.මෙම සියළු කරුණු සැලකිල්ලට ගෙන ඇති කොළඹ ප්රධාන පෙළේ පාසලක සඳහා රුපියල් තුන්දහස් පන්සියයක් වශයෙන් පැවැති පාසල් සංවර්ධන සමිති ගාස්තුව රුපියල් පන් දහස දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.