පාස්කු ප්‍රහාරය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අගරද ගුරු හිමිගෙන් පැසසුම්

2019 අප්‍රේල් 21, දිනයේ ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන  තුනක් සහ,  සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර වලට එල්ල වූ පාස්කු ප්‍රහාරය එම ප්‍රහාරයේ වින්දිතයින්ට පමණක් නොව යුක්තිය හා සාධාරණත්වය අගයන සියලුම ජනතාවට වැදගත්වන ඓතිහාසික නඩු තීන්දුවක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අද (13) කොළඹදී අගරදගුරු නිවසේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී කීහ.එම සත් සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය විසින් ලබා දුන් තීන්දුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට පමණක් නොව යුක්තිය හා සාධාරණත්වය අගයන සියලුම ජනතාවට වැදගත්වන ඓතිහාසික නඩු තීන්දුවක් බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10ක් ද සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙවිය යුතු වෙයි.එමෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස අධිකරණය නියෝග කර ඇත.මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් පැවසුවේ රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටුවිය හැකි වාතාවරණයක් අද උදා වී ඇති බවයි.

කාලීන පුවත්