පැරසිටමෝල් හිඟයක්

වෙළඳ පළේ මෙතෙක් සුලබව පැවැති පැරසිටමෝල් යන ඖෂධීය නාමයෙන් හඳුන්වන වේදනා නාශක පෙති හිඟයක් පවතින බව වාර්තා වෙයි.කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය, වෛරස් උණ සහ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමද පැරසිටමෝල් සදහා ඇති ඉල්ලුම ඉහළයාමට හේතු වී ඇති අතර එම ඖෂධය නිෂ්පාදනයට යොදා ගන්නා අමු ද්‍රව්‍යවල මිල ඉහළයාම හේතුවෙන් ආනයනය කරන සමාගම් ඒවා ගෙන්වීමට මැලිවීම ඊට එක් හේතුවක් බව පැවසෙයි.මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනුයේ ඉකුත් සති තුනේ පමණක් පැරසිටමෝල් අලෙවිය 275%කින් ඉහළ ගොස් තිබූ බවය.

කාලීන පුවත්