පිටි කිලෝවක් රුපියල් 38 කින් සහ පාන් ගෙඩියක් රුපියල් 20 -30 කින් ඉහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළම අවප්‍රමාණය වීම මත වහාම ක්‍රියාත්මක වන පරිදි. තිරිඟු පිටි කිලෝවක මිල රු. 38 ඉහළ නැංවීමට තීරණය කළ බව ප්‍රීමා සිලෝන් පෞද්ගලික සමාගමේ සහ සීමාසහිත සෙරන්ඩිබ් පිටි කර්මාන්ත ශාලාව(පෞද්ගලික )යන සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ප්‍රකාශ කරති. අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිටම ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල රු. 20 සහ රු. 30 කින් වැඩි වන අතර බනිස් ගෙඩියක මිල රු. 10 වශයෙන් සියලුම බේකරි නිෂ්පාදන ඉහළ නැංවීමට තම සංගමය තීරණය කර ඇති බව ද එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.

කාලීන පුවත්