“පිරවුම්හල් වල ඉන්ධන ටැංකි විවෘත කරවන්න එපා”පොලිස් නිලධාරීන්ට උපදෙස්

පිරවුම්හල්වල ඉන්ධන ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන මෙන් සියලු පොලිස් නිලධාරීන්ට පොලිස් මූලස්ථානය දැනුම් දී තිබේ. පිරවුම්හල්වල ඉන්ධන අවසන් වීමෙන් අනතුරුව පෝලිම්වල රැදී සිටින පුද්ගලයින් තම සැක දුරු කර ගනි පිණිස පිරවුම්හල්වල ටැංකි විවෘත කර පෙන්වන ලෙසට පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින අවස්ථා නිරීක්ෂණය වූ බව පොලීසිය කියයි.එමෙන්ම ඉන්ධන ටැංකි විවෘත කිරීම පොලිස් නිලධාරීන්ගේ කාර්ය භාරයක් නොවන බවත් එය සිදු කළ යුත්තේ අවසරලත් තැනැත්තන් පමණක් බවත් පෙන්වා දෙන පොලිස් මූලස්ථානය එලෙස ටැංකි විවෘත කිරීමට යාමේදී යම් කඩාකප්පල්කාරී පුද්ගලයකු විසින් අනතුරු දායක ක්‍රියාවක් සිදු කළහොත් හෝ අත්වැරදීමකින් හෝ යම් අන්තරාකාරී යමක් සිදු වුවහොත් ඊට පොලිස් නිලධාරීන් වගකිව යුතු බව ද පෙන්වා දෙයි.

කාලීන පුවත්