පිළිකා රෝගයට ගොදුරු වූ කේට් කුමරිය සුව අතට ?

බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතරින් එරට වැසියන් වඩාත්ම ආදරය කරන කෙනා හැටියට සැලකෙන්නේ කේට් මිඩ්ල්ටන් කුමරිය යි. ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන ඇය මීට ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරු වීම ඇයට ආදරය කළ බොහෝ දෙනා මහත් කම්පනයට පත් කළ සිදුවීමක් වුණා.

උදරයේ සැත්කමක් සඳහා කේට් මේ වසරේ ජනවාරි මාසයේ රෝහල්ගත කරන ලද අතර පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වී තිබුණේ එයින් පසුව කරන ලද වෛද්‍ය පරීක්‍ෂණවලිනුයි. නමුත් කේට්ගේ පිළිකාවේ ස්වභාවය ගැන රජ පවුල වැඩි විස්තරයක් ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම ඇය සිටියේ මේ සඳහා ප්‍රතිකාර ගනිමිනු යි.

කේට් ගේ රෝග තත්ත්වය ගැන මේ වනවිට නම් තරමක් සතුටුදායක තොරතුරු වාර්තා වෙමින් තිබෙන බව පෙනෙනවා. මේ මාසයේ මුල ඇය තමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විස්තර කරමින් විශේෂ විඩියෝවක් නිකුත් කළා. එයින් කේට් පැවසුවේ පිළිකාව වෙනුවෙන් කරන ලද කිමෝ ප්‍රතිකාර අවසන් කළ බව යි. එය ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානයෙන් සිටි බොහෝ දෙනා තුළ සතුටක්, බලාපොරොත්තුවක් ඇති කළ කාරණයක් වූවාට සැකයක් නැහැ.

කේට් ගේ රෝග තත්ත්වය ගැන මේ වනවිට නම් තරමක් සතුටුදායක තොරතුරු වාර්තා වෙමින් තිබෙන බව පෙනෙනවා. මේ මාසයේ මුල ඇය තමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විස්තර කරමින් විශේෂ විඩියෝවක් නිකුත් කළා. එයින් කේට් පැවසුවේ පිළිකාව වෙනුවෙන් කරන ලද කිමෝ ප්‍රතිකාර අවසන් කළ බව යි. එය ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානයෙන් සිටි බොහෝ දෙනා තුළ සතුටක්, බලාපොරොත්තුවක් ඇති කළ කාරණයක් වූවාට සැකයක් නැහැ.

කේට් මෙම සතුටුදායක පුවත හෙලිදරව් කළ විඩියෝව ද ඉතා අපූරු ආකාරයෙන් නිර්මාණය කර තිබුණා. කෙටි චිත්‍රපටයක් බඳු වූ එහි පෙනී සිටියේ ඇය පමණක් නොවෙයි. විලියම් කුමරු මෙන්ම ඔවුන් ගේ දරුවන් වන ජෝර්ජ්, චාලට් සහ ලුවිස් ද එහි දැකගත හැකි වුණා. ඔවුන් මහත් සතුටින් සැහැල්ලුවෙන් යුතුව සුන්දර වනගත ප්‍රදේශයක කාලය ගත කරන ආකාරයයි මෙයින් දැක්වුණේ.

කේට් මෝටර් රියක නැගී එය පදවාගෙන යන ආකාරයත් එක් අවස්ථාවක මෙහි දැකගැනීමට පිලිවන්. විලියම් සහ කේට් කේට්ගේ මව්පියන් සමග එක්ව කිසියම් ක්‍රිඩාවක් කරමින් සිටින ආකාරය ද තවත් අවස්ථාවක මෙහි දැක්වෙනවා. රජ පවුල සාමාන්‍යයෙන් නිකුත් කරන විඩියෝවල තිබෙන්නේ ඉතාම නිල ස්වරූපයක්. නමුත් මෙය ඊට වඩා බෙහෙවින් වෙනස් විඩියෝවක් වුණා. මෙය රූපගත කර තිබුණේ මේ වනවිට විලියම් සහ කේට් සිය දරුවන් ද සමග ජීවත් වන නෝෆෝක් නැමැති සුන්දර ප්‍රදේශයේ යි.

කීමෝ ප්‍රතිකාර අවසන් කළත් කේට් තවමත් පිළිකා රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා නැහැ. මේ බවත් ඇය මෙහි සඳහන් කරනවා.

“මා කිමෝ ප්‍රතිකාර අවසන් කර තිබුණත් සම්පූර්ණ සුවය ලැබීම සඳහා තව බොහෝ දුරක් යාමට තිබෙනවා.

“පිළිකාවක් වැළ`ුදුණාම ජීවිත ගමන බෙහෙවින් සංකීර්ණ, බියකරු සහ අවිනිශ්චිත එකක් බවට පත් වෙනවා. විශේෂයෙන් ඔබේ සමීපතමයන්ට. පසුගිය මාස නවයක කාලය පවුලක් හැටියට අපට අතිශයින් දුෂ්කර කාලයක් වුණා. ජීවිතය එක මොහොතකින් සම්පූර්ණයෙන් කනපිට හැරෙන්න පිලිවන්. එයින් පසු කුණාටු මුහුදක, එසේත් නැතිනම් නොදන්නා පාරක ගමන් කරන තත්ත්වයකට පත් වෙනවා. එසේ ගමන් කිරීම සඳහා ක්‍රමයක් සොයා ගැනීමට සිදු වෙනවා”. කේට් මෙහි දී ඉතා සංවේදී ආකාරයෙන් විස්තර කරනවා.

මේ වනවිට පිළිකා රෝගයට ගොදුරුව පීඩා විඳිමින් සිටින රෝගීන් වෙනුවෙන් යමක් පැවසීමටත් කේට් මෙහි දී අමතක කරන්නේ නැහැ. මෙම දුෂ්කර ගමනේ දී තමා ද ඔවුන් සමග සිටින බව ඇය පවසනවා. “මමත් ඔබේ අතින් අල්ලාගෙන, ඔබ අසළින් ගමන් කරනවා”. මෙම විඩියෝවෙහි ඇය එසේ පවසනු දැක ගත හැකියි.

42 වැනි වියෙහි පසුවන කේට්ගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් තිබෙන බව පෙන්වන තවත් සිදුවීමක් ගැන මෙයට දින කිහිපයකට පෙරත් වාර්තා වුණා. එයින් පැවසුණේ ඇය නැවතත් සිය නිල වැඩ කටයුතුවලට යොමු වෙමින් සිටින බව යි. පිළිකා ප්‍රතිකාරවලට යොමු වීමෙන් පසු පළමු වතාවට ඇය කිසියම් නිල සාකච්ඡාවක් සඳහා සහභාගි වී තිබූ බව පසුගිය අඟහරුවාදා (17) බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ වින්ඩ්සර් මාලිගයේ යි.

මේ වනවිට 42 වැනි වියෙහි පසුවන කේට්ගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් තිබෙන බව පෙන්වන තවත් සිදුවීමක් ගැන මෙයට දින කිහිපයකට පෙරත් වාර්තා වුණා. එයින් පැවසුණේ ඇය නැවතත් සිය නිල වැඩ කටයුතුවලට යොමු වෙමින් සිටින බව යි. පිළිකා ප්‍රතිකාරවලට යොමු වීමෙන් පසු පළමු වතාවට ඇය කිසියම් නිල සාකච්ඡාවක් සඳහා සහභාගි වී තිබූ බව පසුගිය අඟහරුවාදා (17) බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ වින්ඩ්සර් මාලිගයේ යි. මෙය ඇය විසින් ආරම්භ කරන ලද, පූර්ව ළමා විය ගැටලුවලට අදාළ ව්‍යාපෘතියක් හා බැඳුණු සාක්ච්ඡාවක් බවයි සඳහන් වුණේ. කේට් සමග මෙම වැඩසටහනට සම්බන්ධව සිටින කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් ද, කෙන්සින්ටන් මන්දිරයේ ඇයගේ නිල කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද සාකච්ඡාවට සහභාගි වූ බව සඳහන්.

පිළිකා ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු ජනතාවට ඇය ප්‍රසිද්ධියේ දැකගත හැකි වූයේත් අවස්ථා කිහිපයක පමණයි. මේ ආකාරයෙන් කේට් පළමු වරට දැකගන්නට ලැබුණේ පසුගිය ජුනි මාසයේ පැවැති Trooping the Colour නැමැති හමුදා පෙළපාලිය අවස්ථාවේ යි. සෑම වසරකම මෙම පෙලපාලිය පැවැත්වෙන්නේ රජුගේ හෝ රැජිනගේ නිල උපන් දිනය සැමරීම සඳහා යි. පෙලපාලිය නැරඹීම සඳහා එය පැවැත්වුණු ස්ථානයට පැමිණ සිටි ඇය පසුව බකිංහැම් මාලිගයේ සඳළුතලයේ සිට ගුවන් සංදර්ශණයක් නැරඹීමටත් පවුලේ අය සමග එක් වුණා.

පසුගිය ජුලි මාසයේ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ අවසන් තරගයක් නැරඹීම සඳහා ද කේට් සිය දියණිය චාලට් සමග ගොස් සිටිනු දැකගන්නට ලැබුණා.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්