ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අද (27) දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති අතර ජනාධිපති වරයා එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇතැයි වාර්තා වෙයි..එමආරංචි මාර්ග තව දුරටත් තහවුරු කරන පරිදි නව ජනාධිපති ලේකම්වරයා ලෙස දැනට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන ගාමිණී සෙනරත් මහතා පත්වීමේ වැඩි අවකාශයක් තිබේ.නමුදු වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා ගේ නම ද ඒ සඳහා යෝජනා වී තිබේ.එමෙන්ම දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තානාපති සිරිසේන අමරසේකර මහතා ගේ නම ද ඒ සඳහා යෝජනා කොට ඇති මුත් ඒ පිළිබඳව විමසූ හිතවතුන්ට ඔහු”දැන් පරක්කු වැඩියිනේ”යනුවෙන් සිනාසී පිළිතුරු දී තිබේ.