පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විභාග වන නඩුවල තීන්දුව කථානායකවරයා විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම කටයුතු සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ(03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.මේ අතර පළාත් සභා මැතිවරණය සඳහා අදාළ පනතේ යම් වෙනස් කමක් සිදු කිරීමට අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.