පුටින් යුක්‍රේන ආක්‍රමණයට මුල පුරයි

නැගෙනහිර යුක්‍රේනයේ හමුදා මෙහෙයුමක් මඟින් මේ වන විට එහි බලය සියතට ගෙන සිටින සන්නද්ධ පිරිස් නිරායුධ කිරීම බලාපොරොත්තුවෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කරයි.

එහෙත් මෙම මෙහෙයුම යුකේ‍්‍රනය අත්පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් දියත් කරන්නක් නොවන බව ද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

නමුත් ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනුයේ මේ වන විට රුසියානු භට පිරිස් ලක්ෂ දෙක ඉක්මවූ පිරිසක් යුකේ‍්‍රන දේශ සීමාවට පැමිණ ඇති අතර ඔවුන් පුටින් ගේ නියෝගය මත යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය.

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස  යුක්රේනයේ ලුට්ස්ක් නගරයේ   රූපවාහිනී කුළුණක් පුපුරා හමුදා ඒකකවල ද මෙම ගින්න හටගෙන ඇත.

කාලීන පුවත්