රුපියල් 1800ක් වූ පුන්නක්කු කිලෝග්‍රෑමයක මිල රුපියල් 2800 දක්වා රුපියල් 1000 කින් එකවර ඉහළ දමා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා කියයි.මේ හේතුවෙන් ගව පාලනයේ නියුතු ජනතාව ද දැඩි අර්බුදයකට මුහුණ පානු ඇත.මේ දිනවල රජය ගව ඝාතනය තහනම් කිරීමට නීතිමය පසුබිම සකස් කරමින් හිඳින අතරේ පුන්නක්කු මිල ද මෙලෙස අසීමාන්තිකව ඉහළ නැඟීම ගවයන් ඇතුළු සතුන් ගේ පැවැත්මට ද අනියමින් තර්ජන එල්ල කිරීමකැයි ගව හිමියෝ කියති.