දැන් අපේ රටේ නීති පද්ධතියක් තියෙනවනෙ, අපේ රටේ ව්‍යවස්ථාදායකය විසින් සම්පාදනය කරපු බ්‍රිතාන්‍ය පාලනය විසින් සම්පාදනය කරල අපිට ඉතුරු කරල ගිය හොඳ නීති පද්ධතියක් තියෙනවා. මේ නීති පද්ධතිය අනුවනෙ අපේ රටේ බලය තියෙන්නේ,පරමාධිපත්‍යය බලය තියෙන්නෙ මහජනතාවට. ඒ බලය අනුව තමයි නීති සම්පාදනය කරල තියෙන්නෙ. එතකොට මේ නීති ක්‍රියාත්මක කරනව කියන එක විධායකයට අයිති වැඩක් . එතකොට මේ විධායකයට තමන්ට ඕන නීති ක්‍රියාත්මක කරන්න බෑනෙ.
ව්‍යවස්ථාදායකය සම්පාදනය කරපු නීතිය තමයි විධායකය ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට අධිකරණය කියල කියන්නෙ මේ මේ සම්පාදනය කරපු නීතිය ක්‍රියාත්මක කරන කොට එන ගැටලු විසඳන තැන. දැන් ඔය විධායකය කියන එකට තමයි අපි ඔය කතා කරන රාජ්‍ය සේවාවයි ඔය ටික අයිති වෙන්නෙ. එතකොට විධායකයෙ ප්‍රධානියා වෙන්නෙ ජනාධිපති තුමා. ඊට පස්සෙ අමාත්‍යංශ ලේකම් වරු ඉන්නවා. අමාත්‍යංශ ලේකම් වරු යටතේ ඉන්නවා අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඔය ආදී දේවල්. ඊට පස්සෙ මේ මට්ටම දක්වා පරිපාලන නීතිය තියෙනවා.මේ අය ඔක්කොම ක්‍රියාත්මක කරන්නෙ ඔක්කොම රටේ තියෙන නීති. දැන් හැබැයි මම මේ විකෘතියක් කියල කිව්වෙ ක්‍රියාත්මක වෙන්නෙ බොහෝ දේවල් වල නීතියක් විදියට නෙවේ. මම ආසන්නම උදාහරණයක් කියන්නම්. පහුගිය දවසක මගෙන් විමසීමක් කළා අවිවාහක මගේ ඥාති වරයෙක්. එතුමා ටිකක් වයෝ වෘද්ධයි. එතුමාට තියෙනවා ඉඩම් සංවර්ධන අඥාපනත යටතේ ලැබිච්ච ඔප්පුවකින් ලැබිච්ච ඉඩමක්. එතුමාට මුදල් හදල් ටිකක් අවශ්‍ය වෙනවා. ඒක නිසා එතුමා බලාපොරොත්තු වෙනවා මේ ඉඩම කාට හරි විකුණන්න.දැන් මේ නීතියෙ තියෙනවා මෙහෙම ඉඩමක් ඉඩමක් බැහැර කරනව නම් අදාල ප්‍රාදේශීය ලේකම්වරයගෙ අනුමැතිය ඕන කියල. දැන් ඉතින් මේකට මගෙන් ක්‍රමවේදය ඇහුව, මම කිව්වා ප්‍රාදේශීය ලේකම්ගෙන් අනුමැතිය අරගෙන ඔප්පුවකින් බැහැර කරන්න කියලා. ප්‍රාදේශීය ලේකම් තුමාට බලන්න කාරණා දෙකක් තියෙනවා.
එකක් තමයි මේ ඉඩම ගන්නෙ මෙයාගෙ අයිති පන්තියෙ කෙනෙක් ද?කියලා මොකද? වෙන කෙනෙකුට දෙන්න බෑ. අනිත් කාරණය මේ පැවරීම නිසා මෙයාගෙ පවුලෙ අය අසරණ වීම. එතකොට මෙයාට පවුලක් නෑනෙ. මෙයා විතරයි. ඒත් මෙයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම මෙයාට කියනවා;නෑ මේක පවරනව නම් පවුලෙ සියලුම සහෝදර සහෝදරියන්ගෙ කැමැත්ත අරගෙන එන්න කියලා. දැන් මෙයාගෙ සහෝදර සහෝදරියො ඉන්නෙ විදේශගතව. එතකොට බලන්න මෙයා මුහුණ දෙන අපහසුතාව. මම කිව්වා නීතියෙ ඔහොම නෑ . ඉඩම් අඥාපනත යටතේවත් රෙගුලාසි වලවත් කිසිම තැනක ඔහොම එකක් නෑ කියලා.
නමුත් එතකොට ප්‍රාදේශීය ලේකම්වරයත් හිතුමතේ කියනව නෙමේ බොහෝ වේලාවට චක්‍රලේකයක් නිකුත් කරල ඇති. පනත උල්ලංඝනය වෙන විදිහට.එතකොට අර පුරවැසියගෙ අයිතිවාසිකමට මොක ද වෙලා තියෙන්නෙ. එතකොට මේ එක විකෘතියක්. නීති පොතේ නැති වෙන වෙනත් සීමා දාල ඉවරවෙලා පුරවැසියන්ට නීතියෙන් සහතික කරල තියෙන අයිතිවාසිකම ඉටුවෙන්නෙ නැති තැනකට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවා විකෘති වෙලා තියෙනව.ඔහොම තමයි අද හැම තැනම.
සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති