පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ස්ථාන තහනම් කෙරෙන ගැසට් නිවේදනයක්

පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්‍ට පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම සහ පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ලබන අප්‍රේල් මස 30වන දින සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.පොදු ස්ථාන සහ පූර්ණ එන්නත්කරණ පිළිබඳ පැහැදිලි කිරීමක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

කාලීන පුවත්