පෙට්‍රල් ඩීසල් භූමිතෙල් නැත්තටම නැති වෙයි

ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඊයේ(25) දහවල් දොළහේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ඇණවුම් ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා ඇති අතර ඉරිදා නිවාඩු දිනයක් බැවින් ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන තත්වයක් තුළ මේ වන විට රට තුළ ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණය මුලුමනින්ම ඇනහිට ඇතැයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ කිසිදු ඉන්ධන හලකින් පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල් ලබා ගත නොහැකි තත්වයක් උදා වී තිබේ.මේ අතර සැලසුම් කළ පරිදි ඉන්ධන නැව් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද වෙන බවත් ඒවා මෙරටට පමිණෙන දිනයක් නිශ්චය කළ නොහැකි බවත් ඒ නිසා ඉදිරි කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවත් සීමිත ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කාලීන පුවත්