පේරාදෙණි සරසවි ආදි විද්‍යාර්ථීහු ගාලු මුවදොර ජන අරගලයට එක් වෙති

ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් බිඳ වැටීමට කරුණු සළසා ඇති වත්මන් රජයට විරෝධය පළ කරනු පිණිස මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන පොදු ජන විරෝධතාවට එක් වීම පිණිස පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන් කණ්ඩායමක් මේ වන විට කොටුව දුම් රියපළ ඉදිරිපිටින් ගාලු මුවදොර පිටිය දෙසට විරෝධතා පාගමනක් අරඹා ඇත.මේ වන විට සමාජයේ විවිධ තරාතිරම් හොබවන මෙම පිරිස අතරේ පසුගිය දශක කිහිපය තුළ පේරාදෙණි විශ්ව විද්‍යලයීය ශිෂ්‍ය අරගල ව්‍යාපාරයට සුවිශේෂී මතක සටහන් එක් කළආදි විද්‍යාර්ථීහු ද වෙති.

කාලීන පුවත්