පොදුජන පෙරමුණේ සහාය අගමැතිට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය සියළු සහයෝගයන් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අද(14) ඒකමතිකව තීරණය කොට තිබේ ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී ය.මෙම සාකච්ඡාව ආරම්භයේ දී විවාදාත්මක තත්වයක් ඇති වුවද වර්තමානයේ රට තුළ පවත්නා අතිශය බැරෑරුම් තත්වය දෙස නිර්දේශපාලනිකව බලා තමන් සතු දේශපාලනමය කෘතහස්ත භාවය සේම ජාත්‍යන්තර පිළිගැනීම ආදී සියල්ල රට ගොඩ ගැනීම වෙනුවෙන් කැප කිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිය පළ කළ යුතු බව ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ බොහෝ දෙනකුගේ මතය වූ අතර අවසානයේ එය ද සභා සම්මත විය.

කාලීන පුවත්