ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයේ බැසිල් රාජපක්ෂ මහතා සිටියා නම් වඩාත් සුදුසු බවත් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තවත් කාලයක් ගත විය යුතු බවත් මේ මොහොතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පොහොට්ටුවට සුදුසු අපේක්ෂකයෙක් නොමැති බවත් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්න්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා කියයි.ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ අස්ථාවර වූ රට රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා යළි ස්ථාවර බැවින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට යළි අවස්ථාවක් ලබා දිය යුතු බව ද ප්රසන්න රණතුංග මහතා කියයි.