පොදු ජාතික ප්‍රතිපත්තියක් සඳහා එජාප සත්‍යග්‍රහය අද

පවතින අර්බුදකාරී තත්වයෙන් රට ගොඩනැඟීම පිණිස සියලු පාර්ශව පොදු එකඟතාවයකට ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී අද(25)පස්වරු 3ට පැවැත්වේ.”ර⁣ට ගොඩනැගීමේ දැක්ම” යන තේමාවෙන් සංවිධානය කර ඇති මෙම සත්‍යග්‍රහයට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප නායකයන් සහභාගී වීමට නියමිතය.ආණ්ඩු මාරු වීමත් සමඟ ප්‍රතිපත්ති මාරු නොවන පොදු ජාතික ප්‍රතිපත්තියක් සඳහා සියලුම පාර්ශව එකම වේදිකාවකට ගත යුතුය යන රනිල් වික්‍රමසිංහ මහතා ගේ දැක්ම පෙරදැරිව සංවිධානය කෙරෙන මෙම සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.මෙම සත්‍යග්‍රහය සඳහා සහභාගී වන සියලුම දෙනාට සුදු ඇඳුමින් සැරසී එන්නැයි ආරාධනා කෙරෙන අතර පක්ෂ පාට භේද වලින් තොරව රට පුරා සියලූ ජන ප්‍රජාවන් ට විරෝධතාවයක් නොවන මෙම සත්‍යග්‍රහය විවෘත බව ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

කාලීන පුවත්