පොදු පෙරමුණේ විද්වත් සහ “හදවතට එකඟ” මන්ත්‍රී පිරිසක් වෙන් වෙති

පොදු පෙරමුණේ විද්වත් සහ “හදවතට එකඟ” මන්ත්‍රී පිරිසක් වෙන් වෙති මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන,ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් ඇතුළුව,පොදුජන පෙරමුණේ විද්වත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ” හෘද සාක්ෂියට එකග මන්ත්‍රී කණ්ඩායම” ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.එම කණ්ඩායමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු පමණ ඇතුළත් වන බව ද පැවසේ. ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වය යටතේ පසුගිය ජනාධිපතිවරයා තේරීමේ සටනට එක් ව සිටි මෙම කණ්ඩායම ඉදිරියේ දී වෙනම නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව දැනගන්නට ඇත.

කාලීන පුවත්