පොලිසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්, ආදිය සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන, ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක් නිකුත් කර තිබේ.මීට ආසන්නතම හේතුව වී ඇත්තේ මඩකලපුව මීනගයා දුම්රියේ දරුවකු අතහැර යාමේ සිදුවීම සම්බන්ධයෙන් එම දරුවාගේ මව අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා සිදු කළ එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම ය.පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ, සැකකරුවකුගෙන් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් එම සැකකරු අපහසුතාවයට පත්වන සේම ඉදිරි පොලිස් මෙහෙයුම් වලට ද එය බාධාවක් වන බවකි.එමෙන්ම පොලිසිය මගින් සිදුකරන වැටලීම් සඳහා මාධ්‍ය කණ්ඩායම් රැගෙන යාම නතර කරන ලෙස ද පොලිස් මූලස්ථානය විසින් දැනුම් දී තිබේ.