ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික හෝ රසායනික පොහොර තවමත් නොලැබීම මත මේ වන විට දිවයින පුරා ගොවීන් දැඩි අසරණ බවකට පත් ව හිඳින බව වාර්තා වෙයි.ලබන 15 වනදා අම්පාරෙන් ඇරඹෙන මහ කන්නය සඳහා වී ගොවිතැනට උවමනා සියළුම පොහොර අද(12)සිට දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලින් ලබා දෙන බවට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය 5 වනදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය ද මේ වන විට බොරුවක් වී ඇතැයි ගොවීහු චෝදනා කරති.ඒ අනුව මෙවර මහ කන්නය ඇරැඹිය යුතු මෙම මස 15 වනදා මෙරට කෘෂිකර්මාන්තයේ මළගම සැමරීමට සිදු වනු ඇතැයි ඇළහැර ඒකාබද්ධ ගොවි සංවිධාන එකතුව කියා සිටියි.මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ජන මාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනුයේ මහ කන්නය සඳහා වී ගොවිතැනට උවමනා පොහොර ලබා දීමේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙල නුදුරේ දීම ක්‍රියාත්මක වන බවකි.එහෙත්,වී වැපිරීමත් සමඟ යෙදිය යුතු නිසි ප්‍රමිතියකින් යුතු මඩ පොහොර නොලැබුණහොත් ළපටි ගොයම නිසි ලෙස නොවැඩෙන බව පෙන්වා දෙන ගොවි සංවිධාන පවසන්නේ මේ වන විට ද එම ඛේදනීය තත්වය එළැඹීමේ පැහැදිලි අවදානමක් පැනනැගී ඇති බවකි.