පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්

ලක්ෂ තිස් පහක් පමණ වන මෙරට පෞද්ගලික අංශයේ සේවක-සේවිකාවන් සඳහා ද සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කිරීම සදහා ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයන් සමඟ දැනටමත් සාකච්ඡාකර ඇතැයි ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. ඉදිරියේදී මුදල් අමාත්‍යංශයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධ ඉල්ලීමක් ලෝක බැංකුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කාලීන පුවත්