පෞද්ගලික වාහන වල අංක තහඩු අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමයක්

දැනට පවතින ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිත පෝලිම් හා තදබදය අවම කිරීමේ ක‍්‍රමවේදයක් යෝජනා වී ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.වෘත්තීය ත්‍රීරෝද රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් හි වාහන හැර සෙසු සියලු ම පෞද්ගලික වාහන වලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දීම මෙහි දී යෝජනා වී ඇතැයි ඇමති වරයා කියයි.පෞද්ගලික වාහන වල අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබා ගැනීමට දින දෙකක් හෝ තුනක් ලබාදීම සිදුවිය හැකි බවද පැවසූ ඔහු මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පවතින පෝලිම්වලින් තුනෙන් දෙකක් අඩු කිරීමට අදහස් කරන බව සඳහන් කරයි.

කාලීන පුවත්